Editor's Pick

‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ, කුරහන් සාටකය නොපැළඳුවාට එම දර්ශනය අනුගමනය කරන බවද කියයි

අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද ( 03) පෙ.ව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා හමුදා උත්තමාචාරවලින් තොර චාම් උත්සවයක් සූදානම් කර තිබුණි. මෙතෙක් පැවති සම්ප්‍රදායක් වූ හමුදා උත්තමාචාර හා ආචාර වෙඩිමුර අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබුණි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කළ හා නිර්මාණය කළ සුවිශේෂී අසුනක සිටිමින් සභාව ඇමතීම ජනාධිපතිතුමා විසින් සිදුකරන ලදී. ජනාධිපතිවරයා විසින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ ය. රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම, බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම වෙනුවෙන් කැපවන බව ජනාධිපතිවරයා පැවසී්‍ය. රටේ සංවර්ධනය ගැන සැහිමකට පත්විය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. එය වෙනස් කළ යුතු බවත් ඒ සඳහා කැපවන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජාතික ආරක්ෂව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වාදුනි. සංවර්ධිත රටක් ඇති කිරීම තම ඉලක්කය බව පැවසූ ජනාධිපතිවරයා, සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීම අරමුණ බවද සභාව අමතමින් පැවසීය.

ජනාධිපතිවරයා තමන්ට අනන්‍යවූ ඇඳුමකින් මෙතෙක් සැරසී සිටියත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ප්‍රකාරව ජාතික ඇඳුම හෝ යුරෝපා ඇඳුම ඇඳීම අනිවාර්ය කර ඇති බැවින් ඊට ගරු කිරීමක් ලෙස යුරෝපීය ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි අතර සිය කතාව ආරම්භ කරමින් රාජපක්ෂවරුන්ගේ දේශපාලන ඉතිහාසය පිළිබඳ කෙටි අතීතාවර්ජනයක් සිදුකළේය. ජනාධිපතිවරයා පැවසුවේ පවුලට අයත් කුරහන් සාටකය තමන් නොපැළඳුවද කුරහන් සාටකයේ ගැඹුරු දර්ශනය තමන් අනුගමනය කරන බවත් පීඩිත ජනතාව නියෝජනය කරන බවත් සිහිපත් කළ යුතු බවයි.

සම්පූර්ණ ප්‍රකාශය පසුව බලාපොරොත්තු වන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top