Editor's Pick

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම ගැන බොහෝ දෙනා කනස්සල්ලෙන්

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමානයක, සිය ගිනි අවියේ බලපත්‍රය අලුත් කිරීමකින් තොරව ළඟ තබාගත් බවට වන චෝදනාවක් මත ඊයේ (4) කොළඹ දකුණ පොලිස් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැණිනි.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ දෙනෙකු සිය අප්‍රසාදය පළ කර තිබෙන අතර සමාජ මාධ්‍ය තුළද දැඩි විවේචනයන් සිදු වෙමින් පවතී.

ඇතැම් මාධ්‍ය වාර්තා කළ පරිදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇති චෝදනා අතර අසභ්‍ය වීඩියෝ පට ළග තබා ගැනීම යන චෝදනා ද ඇති බවද සඳහන් කළද පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ එවැන්නක් සඳහන් වී නොතිබීමද විශේෂත්වයකි.

තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර කියා සිටියේ ජනාධිපතිවරයා සහ රජය නිවැරදි මාවතක ගමන් කළත් පොලිසිය සහ ඔවුන්ගේ පරීක්ෂණ වැරදි මාර්ගයක පවතින බවයි.

“ජනාධිපති සහ රජය නිවැරදි මාවතේ ගමන් කළත් කනගාටුවට කරුණක් නම් පොලිසිය සහ විමර්ශන වැරදි මාවතක ගමන් කිරීමයි. පොලීසියට හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් පසුපස යායුතු මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හා දූෂණය පිළිබඳ පැහැදිලි සාක්ෂි සහිත සාමාජිකයින් කිහිප දෙනෙකු සිටිති. පොලිස් ක්‍රියාමාර්ගවලට මම එකඟ නොවෙමි! ”යනුවෙන් ඔහු ට්වීට් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා හා රජය, පොලීසියට හා නීතිපති දෙපාර්තමේන්තුවට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි. එහෙත් ජනතාව ඉල්ලන යුක්තිය ඔවුන් ඉටු කරනවාද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බවද ඔහු සඳහන් කළා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහබැංකු හොරුන් මෙන්ම මහාපරිමාණ වංචාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණ කඩිනම් විය යුතු බවයි. මෙවන් තත්වයක පොලීසියේ හා නිතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළා.

අත්අඩංගුවට ගැනිම ගැන අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා පසුව එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ මනූෂ නානායක්කාර සඳහන් කළේ රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන ඇත්තේ සිල්ලර කාරණාවකට බවයි. ඔහුගේ කට පිළිබඳ තමන්ටද ප්‍රශ්න තිබුණත් ඔහු ප්‍රබලයින්ගේ වැරදි ගැන සමාජය හමුවේ කතා කිරීම නිසා මේ තත්වය උදා වී ඇති බවත් එය දඩයමක් බවත් පැවසීය.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top