යුක්රේනයේ ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් ගුවන් යානයක් ටෙහෙරානයේ ඉමාම් කොමෙයිනි ගුවන්තොටුපළෙන් ගුවන් ගත වූ සැණින් අනතුරට පත්වීමෙන් 176ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝයිං 737 ගුවන් යානය බදාදා (8) අලුයම ගුවන් මගීන් 167 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු සමඟ ගුවන් ගත වූ බව ගුවන් තොටුපලේ මහජන සම්බන්ධතා නිලධාරියෙකු වන අලි කෂානි උපුටා දක්වමින් විදෙස් වාර්තා කළේය. මීට පෙර ඉරාන රාජ්‍ය මාධ්‍යවලින් පළ වූ වාර්තා අනුව පුද්ගලයින් 180 දෙනෙකු යානයේ සිටි බව පැවසේ.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේ ඉරානයේ එරට තානාපති කාර්යාලය “ඛේදවාචකයේ තත්වය සහ මියගිය මගීන්ගේ ලැයිස්තුව පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කරමින් සිටින” බවයි. සෙලෙන්ස්කි කියා සිටියේ තම වර්තමාන ඕමාන් සංචාරයේ ඉතිරි කාලය අවලංගු කරන බවත් අනතුර හේතුවෙන් තම රට වෙත ආපසු යන බවත්ය. “සියලු මගීන්ගේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වලට සහ ආදරණීයයන්ට මගේ අවංක ශෝකය පළ කරන,” බව සෙලෙන්ස්කි පැවසීය.
හදිසි අනතුරු කාර්ය මණ්ඩලය අනතුරට ලක්වූ ස්ථානයට පිටත් කර හරින ලද නමුත් එම ප්‍රදේශය ගිනිගෙන ඇති බැවින් ඔවුන්ට සහාය වීමට නොහැකි වූ බව ඉරානයේ හදිසි වෛද්‍ය සේවා අංශයේ ප්‍රධානී පිරොසොයින් කුලිවන්ඩ් මහතා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. කෞලිවාන්ඩ් රජයේ මාධ්‍ය ආයතනයක් වන අයිආර්එන්එන් වෙත පවසා ඇත්තේ අනතුරට ලක්වූ ස්ථානය පැරන්ඩ් සහ ෂාරියාර් නගර අතර ඇති බවයි.
මෙම ගුවන් අනතුර ඉරාන-ඇමරිකා ගැටුමට සම්බන්ධ ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැත.
