ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ පුත් උවිඳු විජේවීර සක්‍රීය දේශපාලනයට පිවිසෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුවෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන පසුගියදා වාර්තා විය. එහිදී වාර්තා වූයේ උවිඳු විජේවීර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන බවයි.
එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෙකු “සත්දින”ට කියා සිටියේ ඔහු මහමැතිවරණයට ඉදිරිපත් වන දිස්ත්‍රික්ක පිළිබඳ තවමත් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි. උවිඳු විජේවීරගේ වැඩි කැමැත්තක් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බව කියා සිටි ඔහු පෙන්වා දුන්නේ පොහොට්ටුවේ ගම්පහ ලැයිස්තුව තුළ ඇති පීඩනය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන ලෙස පොදුජන පෙරමුණ උවිඳු විජේවීරගෙන් ඉල්ලා සිටි බවයි.
මේ අතර උවිඳු විජේවීර පොහොට්ටුව හරහා දේශපාලනයට පැමිණීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ දෙදරීමට ලක්ව ඇතැයිද පොහොට්ටුවේ නියෝජිතයා කියා සිටියා. වැඩිදුරටත් ඔහු කියා සිටියේ උවිඳු විජේවීර දේශපාලනය පිවිසෙන බව දැනගත් දින සිට ඔහු වටා විශාල ජවිපෙ ක්‍රියාකාරීන් පිරිසක් එක් වී ඇති බවයි. ඔවුන්ද කලකිරී සිට ඇති බවත් උවිඳුගේ නායකත්වයෙන් අලුත් දේශපාලන ගමනක් සඳහා ඔවුන් මේ වන විට පෙළ ගැසී ඇති බවත් ඔහු පැවසීය.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ උවිඳු විජේවීර නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සූදානම් වන බවයි. එම පක්ෂය පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග සන්ධානගත වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියා.
