ඉරණවිල ‘ඇමෙරිකානු හඬ’ ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි අක්කර 400ක් පමණ වන ඉඩම, විදුලි බලාගාර ඉදිකිරීම සඳහා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ සඳහා මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් කැබිනට් සංදේශයක්ද ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඉරණවිල පිහිටා තිබූ ‘ඇමෙරිකානු හඬ’ ගුවන් විදුලි මධ්‍යස්ථානය වසා දමා ඇති අතර, එහි ඉඩම සහ යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකා රජයට භාරගෙන තිබේ. ඇමතිවරයා පෙන්වා දෙන්නේ එම භූමිය ස්වාභාවික වායු බලාගාරයක් සහ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට වඩාත් සුදුසු බවයි.
විදුලි බලාගාර ඉදිකිරීමේදී සුදුසු ඉඩමක් සොයාගැනීමේ ගැටලුවට මෙමඟින් විසඳුමක් ලැබෙන බැවින් මෙම ඉඩම බදු ගිවිසුමක් මත විදුලි බල මණ්ඩලයට ලබාදෙන්නැයි ඇමැතිවරයා ඉල්ලා ඇත.
Please follow and like us:
