ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ප්‍රවීණයන් සහභාගි වන විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද
මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම අතර තරඟය අද මුම්බායි හීදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න ඩිල්ශාන් විසින් මෙහෙය වන අතර මාවන් අතපත්තු, චාමර කපුගෙදර, පර්වේස් මහරුෆ්, මලින්ද වර්ණපුර, රොමේෂ් කළුවිතාරණ, අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, සචිත්‍ර සේනානායක, තිලාන් තුෂාර, උපුල් චන්දන සහ දුලංජන විජේසිංහ 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ සංචිතයට ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම බ්‍රෙට් ලී විසින් මෙහෙයවයි. එම සංචිතයට බ්‍රැඩ් හොජ්, බ්‍රැඩ් හැඩි, ෂේන් ඩී, මාක්ස් ක්‍රොස්ග්‍රොව්ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් වෙයි.