රටවල් පුරා ව්‍යාප්ත වන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. පවතින තත්වය හේතුවෙන් චීනයේ ඛනිජ තෙල් ඉල්ලුම පහළ යෑම නිසා ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල කඩා වැටීමට ලක් වී තිබෙන අතර රන් මිල ඉහළ ගොස් ඇත.
ඒ අනුව පසුගිය 6 වැනිදා වන විට අමෙරිකානු ඩොලර් 50 ක් ලෙස වාර්තා වූ ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල අද වනවිට අමෙරිකානු ඩොලර් 32ක් දක්වා පහල ගොස් තිබුණි. 1991 වසරෙන් පසු දිනක් තුළ වාර්තා අවම අගය ලෙස මෙය වාර්තා වෙයි.
පසුගිය 6 වැනිදා වනවිට ලෝක වෙළඳපලේ තෙල් මිල 5 %කින් පහළ ගිය අතර අද වනවිට එය 27 % කින් පහල ගොස් තිබේ.
මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදනය සීමා කරන්නැයි ද ඔපෙක් සංවිධානය පසුගිය දා නිර්දේශ කළද එවැනි තීරණයක් ගැනීම ප්‍රමාද කරන්න ලෙස රුසියාව ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, පවතින තත්වය අනුව මිල මට්ටම් ඉදිරියේදී තවත් පහළ යාමේ ප්‍රවණතාවයක් ද දක්නට ඇත.
මේ අතර ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂව මෙරට මිල සංශෝධනයක් සිදු කිරීම පිළිබඳව මේ සතියේ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්ධන මිල පහළ ගොස් ඇති අවස්ථාවේදී ලෝක වෙළඳපොලේ රන් මිල වාර්තාගත ලෙස වැඩි වීමක් පෙන්නුම් කරයි.
මීට සති කිහිපයකට පෙර ලෝක වෙළදපොලේ රන් මිල සටහන් වුණේ රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1645 යි ශත 79 ක් ලෙසයි. කෙසේවෙතත් අද වන විට රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1702 යි සත 45 ක් ලෙස සටහන් වේ. රත්‍රං මිල මෙවැනි ඉහළ අගයක් ගෙන ඇත්තේ වසර 07 කට පසුව පමණ බවයි වාර්තා වන්නේ.
