Local

කොරෝනා ආසාදිත මඟපෙන්වන්නාගේ පුතාට රෝගය වැළඳුන කතාව බොරුවක්

මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුන පළමු ලාංකික රෝගියාගේ පුත්‍රයාට ද වෛරසය ආසාදනය වි ඇති බවට පැතිර යන කටකතාව අසත්‍යයක් බවට නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

ඔහුගේ පුත්‍රයාද ඇතුළුව පවුලේ සාමාජිකයින් මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට ලක් කර ඇති බවත් ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට මේ වන විට රජය සියලු පියවර ගෙන ඇති බවට ද අනිල් ජාසිංහ මහතා එම නිවේදනයෙන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top