තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අද(13) දිනයේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දී අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරු විසින් මෙම නියෝගය ලබා දුන් අතර එසේ අද(13) පස්වරු 4 ට පෙර අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුව ට අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුව තුළින් සඳහන් වුණි.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 17 වනදා තෙක් කල් තැබුණි.
