ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි පසිඳු හිරුෂාන් නමැති ශිෂ්‍යයාගේ සිදුවීමට අදාළව සිසුන් 15 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට එම විශ්වවිද්‍යාලය පියවර ගෙන තිබේ. පන්ති තහනමට ලක් කර ඇති සිසුන් අතර මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිසුන් 6 දෙනා ද ඇතුළත් වේ.
අත්අඩංගුවට ගත් එම ජ්‍යෙෂ්ඨ සිසුන් 6 දෙනා ලබන මාර්තු 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (12) දිනයේ දී නියෝග කළේය.
අනතුරට පත් වූ ශිෂ්‍යයා 2018 වසරේ උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබා ගෙන මේ වසරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපන කටයුතු කරමින් සිටි පසිඳු හිරුෂාන් නමැති ශිෂ්‍යයා වේ. සාදයක් අතරතුරදී ටයරයක් තල්ලු කිරිමෙන් පසිදු හිරුෂාන් (20) සිසුවා අනතුරට ලක්ව නිසා ඔහුගේ හිසේ ඇති වූ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇත. මේ වන විටත්, ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
