Foreign

කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවෙන් වාර්තා වූ පළමු මරණය

කෝවිඩ් 19 නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ සිදු වූ පළමු මරණය අද දිනයේ දී වාර්තා විය. ඒ, ඉන්දියාවේ පළමුව වෛරසය ආසාදනය වූ 76 හැවිරිදි පුද්ගලයෙකි. මොහු මිය ගොස් ඇත්තේ පසුගිය අඟහරුවාදා දිනයේ වන නමුත් ඉන්දියානු බලධාරීන් විසින් ඔහුගේ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරනු ලැබුවේ ඊයේ (12) රාත්‍රියේ දී ය.

එම රෝගියා මාසයක පමණ කාලයක් සෞදි අරාබියේ රැඳී සිට පසුගිය 29 වන දා ඉන්දියාවට පැමිණ ඇති අතර ගුවන්තොටුපොළේ දී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැති අතර පසුගිය 5 වන දා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිව රෝහල් ගත කිරීමෙන් පසුව ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

දැනට ඉන්දියාවේ වෛරසය ආසාදිත පුද්ගලයන් 73ක් ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top