Editor's Pick

මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 113 දක්වා ඉහළට

Update 9.26

තවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මුළු රෝගීන් සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි

Update 4.15

මේ වන විට තවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගියෙකු වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව ආසාදිත රෝගින් සංඛ්‍යාව 110 දක්වා ඉහළ යනු ඇත.

අද (28) දිනයේ දී කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි. මේ අනුව, ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 109ක් වේ.

මේ අතර, අද දිනයේ දී තවත් ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලින් පිට ව ගොස් ඇති බව ද වාර්තා වේ. ඒ අනුව, දැනට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින් ගණන 09ක් වේ. එමෙන්ම, රෝගීන් 98 දෙනෙකු දැනට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

එසේම, නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. ඉන් රෝගීන් 07 දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා ප‍්‍රතිකාර ලබන්නේ වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top