ලොව පුරා පැතිර පවතින නව කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ලෝ වැසියන් වෙනුවෙන් ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ වතිකානුවේ සාන්ත පීතර චතුරස‍්‍රයේ දී විශේෂ දේවමෙහෙයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජන ශූනය කලාපයක් බවට පත්ව ඇති සාන්ත පීතර චතුරස‍්‍රය පිහිටි ප‍්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව ද නොතකා ශුද්ධෝත්තම පාප්තුමන් තනිව යාඥාවේ යෙදුනු බව වාර්තා වේ. එසේම, උන්වහන්සේ මෙලෙස ලෝ වැසියන් වෙනුවෙන් යාඥාවේ නිරත වුණේ ඉතාලියෙන් දිනක් තුළ කොරෝනා මරණ 919 ක් වාර්තා වූ පසුබිමක් තුළයි. දැනට, එරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ ගණන 9,134 ක් වේ.
Please follow and like us:
