Latest

චෙන්නායි සිට පැමිණි අයට විශේෂ දැනුම් දීමක්

පසුගිය දින කිහිපයේ චෙන්නායි සිට පැමිණි සියලුදෙනා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කර වහාම ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

එයට හේතුව වී ඇත්තේ, අද (28) දිනයේ දී වාර්තා වූ රෝගීන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වීමයි.

යම් පුද්ගලයෙක්ට සිය නිවසේ ස්වයං නිරෝධායනය ලක් වීමට නොහැකි නම් ඔවුන්ට රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් වීමට හැකි බව ඔහු සඳහන් කරයි.

මිට අමතරව පසුගිය දින කිහිපය තුලදී ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි තවත් ලාංකිකයින් දෙදෙනෙක් හට කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දියාවෙ චෙන්නායි නුවර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති බවට පෙනෙන්ට ඇති බවත් ඒ හේතුවෙන් එහි සිට මෙරටට පැමිණි පුද්ගලයින් ස්වයං නිරෝධායනය වීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top