බණ්ඩාරගම අටුළුගම සිට කහවත්ත නුගවෙල ප්‍රදේශයට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු අද (28) නිවාස ඔවුන්ගේ නිවාස තුළම නිරෝධායනයට යොමු කර තිබෙන බව සබරගමුව පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.
කහවත්ත නුගවෙල පදිංචි පුද්ගලයෙකු ඇඳීරී නීතිය ඉවත් කිරීමෙන් පසු අටළුගම පදිංචි තම දියණිය සහ බෑණා රැගෙන ඒමට ත්‍රීරෝද රථයක් කුලියට ගෙන ගොස් ඇතැයි හෙළී වී තිබේ.
කුලි ගමන ගිය ත්‍රීරෝද රථ රියදුරු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් , අටුළුගමට දියණිය කැඳවා ගෙන ඒමට ගිය තැනත්තා සහ අටුළුගම සිට පැමිණි එම කාන්තාව ඇයගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ අය මෙසේ නිරෝධායනයට ලක් කර තිබේ. ඔවුන් ඇසුරු කළ තවත් අය සිටිදැයි සෞඛ්‍ය අංශ පරීක්ෂණ සිදුකරන බව සබරගමුව පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.
Please follow and like us:
