Health

නාගොඩ රෝහලට පැමිණීම සීමා කරන්න

කළුතර නාගොඩ රෝහල වෙත වෙනත් බාහිර අසනීප සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණීම හැකිතාක් සීමාකරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන්ගෙන් ඉල්ලා සිටී. එයට හේතු වී ඇත්තේ පවතින වත්මන් තත්ත්වය හමුවේ කළුතර නාගොඩ රෝහලෙහි අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීමයි. වෙනත් බාහිර රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට තමන්ට ආසන්නතම ග්‍රාමීය රෝහල කරා යන ලෙසත් තමර කළුබෝවිල මහතා ඉල්ලා සිටියි.

තවද, රෝහල්ගතව සිටින රෝගීන් බැලීමට යාමේදී එම සංඛ්‍යාව එක් පුද්ගලයෙකුට සීමා කරන ලෙසත්, රෝහලට ගොස් නැවත නිවෙස් කරා ගිය පසු තමන් පැළඳි සෙරෙප්පු සහ සපත්තු වල අඩිය සෝදා පිරිසිදු කරන ලෙසටත් කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, හැකිතාක් රජය විසින් ලබාදෙන සෞඛ්‍ය පුරුදු උපරිමයෙන් පිළිපදින ලෙසත් ඉල්ලා සිටී.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top