Latest

රාජගිරිය අරුණෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කළ දේවගැතිවරයා සියළු තොරතුරු ලබා දෙයි

රාජගිරිය, ඔබේසේකරපුර පිහිටි අරුණෝදය මාවත සම්පූර්ණයෙන් වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා සඳහන් කරයි. එයට හේතුව වී තිබුණේ, දේවගැතිවරයෙකු විසින් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් එම ප්‍රදේශයේ පිරිසක් රැගෙන ගොස් තිබෙන අතර එම පිරිස අතර ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වී තිබීමයි.

කෙසේ වුවත්, මේ වන විට වසා දැමුණු අරැණෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කල බව කියන දේව ගැතිවරයා හිතමිතුරන්ගේ මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වු බව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

අදාල පුජකවරයා දෙහිවල ප්‍රදේශයේ සිට කෝට්ටේ ප්‍රදේශයට පැමිණි බවත් එහිදී වන්දනාගමන පිළිබඳව ඔහුගෙන් ලැබු තොරතුරැ වලට අනුව බස් රථ දෙකක් ගමනට සහභාගී වී ඇති බවත් ඉකුත් 13 වැනිදා සුරිය කන්ද උපදේශන මෙහෙයකට සහභාගී වී 15 වැනිදා පිරිස නැවත පැමිණ ඇති බව ඒ මහතා සඳහන් කරයි. ගමනට සහභාගී වු පිරිසගේ නාම ලේඛන සහ බස් රථ තොරතුරැ තමා වෙත ලබා දෙමින් නිලධාරින්ට හැකි සැම ආකාරයකටම සහය දැක්වීමට දේව ගැතිවරයා එකඟතාවය පල කල බව ජයවර්ධ මහතා පවසයි.

සිදුවීමට අදාල පරික්ෂණ කටයුතු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතාගේ අධික්ෂණයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක ලහිරැ කරැනාරත්න මහතා විසින් සිදු කලහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top