දින 21 කාලයක් සඳහා සමස්ත ඉන්දියාවම වසා දැමීම හේතුවෙන් මේ වන විට එරට දුගී ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ බිලියන 1.3කට වැඩි පුද්ගලයින් පිරිසක් සිටින්නේ අන්ත දුගියන් ය. කිසිදු සැලසුමකින් තොරව එකවරම සමස්ත ඉන්දියාවම වසා දැමීම නිසා ඔවුන්ගේ ආර්ථිකයට මේ වන විට මරු පහරක් එල්ල වී ඇත.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙම තීරණය ජනතාවගේ දැඩි විවේචනයට හේතු වී ඇති අතර අද දින අගමැතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් සැලසුමකින් තොරව එකවරම සමස්ත ඉන්දියාවම වසා දැමීම ගැන ජනතාවගෙන් සමාව අයැද සිටියා.
එහිදී අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටවැසියන්ට අපහසුතාවලට මුහුණපැමට සිදුවන තීරණ කිහිපයක් තමන් විසින් ගත් බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් රටවැසියන් සමාව ලබාදෙනු ඇතැයි සිය හෘදසාක්ෂිය පවසන බව ද අග‍්‍රාමාත්‍ය මෝදි පැවසුවා.
බිලියන 1.3 ක ජනගහනයක් සහිත ඉන්දියාව වැනි රටක් සඳහා නව කොරෝනා වෛරසයට එරෙහිව යුද්ධයක් කිරීමට වෙනත් ක‍්‍රමයක් නොතිබුණු බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. එය ජීවිතය හා මරණ අතර සටනක් වන බැවින් ඉන්දියාව එම සටන ජයගත යුතුව තිබෙන බව ද අග‍්‍රාමාත්‍යවයා පෙන්වා දුන්නා.
