සායන සඳහා ලියාපදිංචි රෝගීන් වෙනුවෙන් රජයේ රෝහල් විසින් නිකුත් කෙරෙන ඖෂධ රෝගීන්ගේ නිවෙසටම ගොස් ලබාදීමේ සේවාව අද (30) සිට රට පුරා ව්‍යාප්ත කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
කොළඹ සහ අවට ප‍්‍රදේශවලද ඊයේ (29) දින සිට මෙම ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන අතර රජයේ ඔසුසැල් මගින් නිකුත් කෙරෙන ඖෂධ ද තැපැල් දෙපාර්තමේන්තුව විසින් රෝගීන්ගේ නිවෙස්වලටම ගොස් භාරදීම සිදුවනවා. අද සිට එම සේවාව ද රටපුරා ව්‍යාප්ත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
රජයේ ඔසුසැල් විසින් නිකුත් කෙරෙන ඖෂධ හෝ. රෝහල් විසින් නිකුත් කෙරෙන ඖෂධ රෝගීන්ට නිවෙසට ගොස් ලබාදීමේදී මුදල් අයකිරීමක් සිදුනොකෙරෙන බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසයි.
Please follow and like us:
