Editor's Pick

ආසාදිතයින් සංඛ්‍යාව 122 දක්වා වැඩි වෙයි… තිදෙනෙක් සුවය ලබයි

අද දිනයේ දී මේ වන විට තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනාගත් සමස්ත රෝගින් සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. අද පෙරවරුවේ ද රෝගීන් තිදෙනෙක් වාර්තා වූ අතර ඒ අනුව අද දිනයේ දී වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 05ක් වේ.

එසේම, අද දිනයේ දී තවත් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව, දැනට ආසාදිතයින් 14 දෙදෙනකු සුවය ලබා ඇත. එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වේ.

මීට අමතරව, තවත් 104 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණයේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top