Editor's Pick

කොරෝනා හේතුවෙන් ලංකාවේ තවත් පුද්ගලයෙකුගේ දිවි අහිමි වෙයි

නව කොරෝනා වෛරසය වැළදී මීගමුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු මහතා තහවුරු කර සිටියි.

මෙලෙස මියගොස් ඇත්තේ මිගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මෙම රෝගියා මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කිරීමෙන් පසුව මිගමුව මහ රෝහල වෙත මාරු කර ඒවා ඇති බවය නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම රෝගියා ඇතුලත් කර සිටි මිගමුව රෝහලේ වාට්ටු සංකීර්ණය මේ වන විට මුද්‍රා තබා ඇති බවද රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියා.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top