Last Update 6.30
අද දිනයේ දී 4.20 වන විට තවත් රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව මුළු රෝගීන් ගණන 132 දක්වා ඉහළ ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
ඒ අනුව, අද දිනයේ වාර්තා වූ මුළු රෝගීන් ගණන 10ක් වේ.
මීට අමතරව, අද දිනයේ දී රෝගීන් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ ගණන 17 ක් වේ.
එසේම, දැනට 117 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
______________________________________________________________________________
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් ගණන 129 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, අද (31) දින පෙරවරුවේ තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර දැනට සුවය ලද මුළු රෝගින් ගණන 16 ක් වේ.
එසේම, පුද්ගලයින් 104 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
