Foreign

ඉන්දියාවේ ආගමික රැස්වීමට සහභාගී වූ 647 දෙනෙකුට කොරෝනා වැළඳේ.. ලංකාවෙන් 33ක් ගිහින්

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පිහිටි ඉස්ලාමීය දේවස්ථානයක පැවති ආගමික වැඩසටහනක් සඳහා සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙක් ඇතුළු විදේශිකයින් 960 දෙනෙකුට ලබාදී තිබු සංචාරක වීසා බලපත්‍ර අවලංගු කිරීමට එරට මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Tablighi Jamaat නම් සංවිධානය විසින් පවත්වනු ලැබූ මෙම උත්සවයට 1300 කට අධික පිරිසක් සහභාගි වී ඇති බව ඉන්දීය රජයේ බලධාරින් සඳහන් කර සිටියි. මෙම සංවිධානයේ නායකයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා මේ වන විට අතුරුදහන්ව ඇති අතර ඔහුව සොයා එරට ආරක්ෂක බලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

එම රැස්වීම සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 647 දෙනෙක්ට වෛරසය ආසාදනය වී ඇති බවත් ඔවුන් ඉන්දියාවේ ප්‍රාන්ත 14කින් සොයා ගෙන ඇති බවත් ඉන්දීය බලධාරීන් සඳහන්කරයි.

මෙම රැස්වීම සඳහා අමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය, ඉන්දුනීසීයාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 42කින් විදේශිකයින් 960 දෙනෙක් පැමිණ ඇති බව සඳහන් වේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා ඉන්දියාවම වසා තැබීමට අගමැති නරේන්ද්‍ර මෝදී පියවර ගෙන තිබියදීත් ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි මෙම Tablighi Jamaat සංවිධානයේ දේවස්ථානයේ මෙම 1300 කට අධික පිරිසක් ඒක රාශිව සිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන්, දිල්ලි අගනුවර ඉන්දියාවේ කොරෝනා වෛරසයේ කේන්ද්‍රය බවට පත්ව ඇති අතර එම රැස්වීමට සහභාගි වූ ඉන්දියානු ජාතිකයින් විවිධ ප්‍රාන්ත කරා ගොස් ඇති බැවින් ඔවුන්ව සොයා මේ වන විට එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර තිබේ.

ඇති වී තිබෙන තත්ත්වය හමුවේ Tablighi Jamaat නම් සංවිධානයේ සමුළුවට සංචාරක වීසා මත සහභාගිවූ විදේශිකයින් අසාදු ලේඛණ ගත කොට ඔවුන්ව රටින් පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ඉන්දියාවේ මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියි.

Please follow and like us:
1 Comment

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top