Update 10.37
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට වාර්තා වන මුළු රෝගීන් ගණන 159 දක්වා ඉහළ ගොස් ඇත.
Update 10.15
අද (03) රාත්‍රී 3 වන විට තවත් ආසාදිතයන් සිව් දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 152 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද (03) පස්වරුවේ තවත් වෛරසය ආසාදනය වූ රෝගියෙකු හඳුනාගැනීමත් සමඟයි.
එසේම, අද දින තවත් රෝගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර දැනට රෝගීන් 24 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ. දැනට රෝගීන් 125 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබා ගනිමින් සිටියි
Please follow and like us:
