Entertainment

කොරෝනා නිසා යථාර්තයක් වූ  පොතක් වසර 15කට පසු මුද්‍රණය කරයි

ස්කොට්ලන්ත ගත් කතුවරයෙක් වන Peter May විසින් රචිත “Lockdown” නම් මෙම කෘතිය ගෝලීය වසංගත තත්ත්වයක් පාදක කර ගනිමින් රචිත ග්‍රන්ථයක් වන අතර එය 2005 වසරේදී මුද්‍රණය කිරිමට ප්‍රතික්ෂේප කළ ප්‍රකාශකයා විසින් ම මුද්‍රණය කිරීමට කටයුතු කර ඇත.

එංගලන්තයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කර ගනිමින් ලොවපුරා ව්‍යාප්තවන වසංගත තත්ත්වයක් සම්බන්ධයෙන් කතුවරයා විසින් එම පොත රචනා කොට ඇත.

නමුත් එම ග්‍රන්ථය මුද්‍රණය කිරිමට ඔහු අවස්ථා කිහිපයකදී පොත් ප්‍රකාශකයින් සොයා ගියත් එම කතාව යතාර්ථයක් නොවන බව පවසමින් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

නමුත් වසර 15 කට පසුව කොරෝනා වෛරසය ලොවපුරා වසංගත තත්ත්වයක් ලෙස ව්‍යාප්ත වීමත් සමග ස්කොට්ලන්ත කතුවරයා රචිත ග්‍රන්ථය මේ වන විට යතාර්ථයක් බවට පත්ව ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top