මෙරටින් වාර්තා වන කොරෝනා රෝගින් සංඛ්‍යාව 162ක් දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.
අද පස්වරුවේ රෝගීන් තිදෙනෙකු හඳුනාගත් ගෙන ඇත. ඒ අනුව, ඊයේ (03) දිනයේ සිට මේ දක්වා හඳුනා ගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 11ක් බවත් ඉන් තිදෙනෙක් යාපනය නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවූ බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
එමෙන්ම ,අමෙරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයින් දෙදෙනෙක් ද ඒ අතර වේ.
මීට අමතරව, හලාවත නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙක් සහ එම ප්‍රදේශයෙන් සොයා ගත් තවත් අයෙක්ට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බවට අනාවරණය වී ඇත.
තවද, විදේශිකයින් ළඟින් ඇසුරු කළ අයෙක් ද කළුතර ප්‍රදේශයේ වසා දමා ඇති ප්‍රදේශයකින් හඳුනා ගත් ගැබිනි කාන්තාවක් ද මේ අතර සිටියි.
මිට අමතරව අකුරණ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගියා ලඟින් ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙක්ටද කොරෝනා වෛරසය වැළදී ඇති බව අනාවරණය වී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
