පවතින වාතාවරණය මත ජනතාවට සහන සැලසීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදි විශේෂ වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් පවසයි.
කෙසේ වෙතත්, එම ක්‍රියාවලිය යටතේ ජනතාවට සහන සැලසීමේදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයින් භාණ්ඩ බෙදාහැරීම මුවාවෙන් සිය අපේක්ෂකත්වය සහ දේශපාලන පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ උත්සහයක නිරතවන බවට පැමිණිලි ලැබී ඇතැයි මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.
එම නිසා ආණ්ඩුකාරවරුන්,අමාත්‍යංශ ලේකම්වරුන්,ප්‍රධාන ලේකම්වරුන් ,දිස්ත්‍රික් ලේකම්වරුන් ,ප්‍රාදේශිය ලේකම්වරුන් ,පළාත් පාලන ආයතන වල කොමසාරිස්වරුන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ආරක්ෂක අංශ වල සාමාජිකයින්ගේ සහාය ඇතිව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට බෙදාදීමට පියවර ගන්නා ලෙසත් ඒ වෙනුවට ඇතැම් දේශපාලනඥයින් මේ අවස්ථාවේදී දේශපාලන වාසි ලබාගැනීමේ ප්‍රයත්නය වැලැක්වීමට පියවර ගන්නා ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා යොමු කළ ලිපියේ දැක්වෙයි.
