Latest

මැග්නිෆිකා නෞකාවේ සිටි හදවත් රෝගී ජර්මානු කාන්තාවක් රෝහල්ගත කරයි

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන අනුර හෙරත් විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත එම ශ්‍රී ලංකිකයා ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද (06) නාවික හමුදාව කටයුතු කරන ලදි.

මීට අමතරව මෙහි සිටි රෝස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකාව අත්තර් ජාතික නීතියට සහ සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව වග කියන සොයා බැලීමේ සහ මුදවා ගැනීමේ කළාපය (SARR) තුල අනතුරට හෝ හදිසි තත්වයන්ට මුහුණ පාන නෞකාවන් සඳහා ආධාර කිරීමේ වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත. එසේ නමුත් දැනට ලෝකය පුරා පවතින සෞඛ්‍යමය තත්වය මත වගකීමටත් එහා ගිය මානුෂීයත්වයකින් මෙම රෝගී වූ කාන්තාව ගොඩ බිමට රැගෙන ඒමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සෘජුව මැදිහත් වන ලදි.

මෙහිදී සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයක් තුල කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බළකායේ නියමයන්ටද අනුකූල වන ආකාරයට ගොඩබිමට රැගෙන ආ මෙම කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කරන ලදි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top