නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව හැත්තෑ දහස ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව, මේ වන විට ලොවපුරා ජිවිතක්ෂයට පත්ව සිටින පිරිස 70,624ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 1,289, 819 වේ.
මේ වන විට වැඩිම මරණ සංඛ්‍යාව 15,887ක් ඉතාලියෙන් වාර්තා වන අතර ස්පාඤ්ඤයෙන් මරණ 13,055ක් වාර්තා වේ. මේ අතර අමෙරිකාවෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 9,648ක් වන අතර රෝගීන් සංඛ්‍යාව 337,646ක් වේ.
මේ අතර නව කොරෝනා වෛරසය වැළදීමෙන් අසල්වැසි ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සීයය ඉක්මවා තිබෙනවා. ඉන්දියාවේ මේ වන විට වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 109ක් වන අතර ඉන් මරණ 32ක් ගතවූ පැය 24 තුලදී වාර්තා වී ඇත.
එමෙන්ම මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 4,067ක් වන අතර ඉන් ගතවූ පැය 24 තුලදී වාර්තා වූ රෝගීන් ගණන 693ක් වනවා.
ඉන්දියාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින්ගේ ප්‍රමාණයෙන් සියයට 30 ක ප්‍රමාණයක් එරට දිල්ලි ප්‍රාන්තයේ දී පැවති තබ්ලිගි ජමාත් සංවිධානයේ ආගමික උත්සවය හා සම්බන්ධ බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.
