චීන රජයෙන් පරිත්‍යාග ලෙස ලැබුණ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අත්‍යාවශ්‍ය ඖෂධ රැගත් යානයක් අද (10) දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
එහි, කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන ආරක්ෂිත ඇඳුම්, වෛද්‍ය උපකරණ ඇතුළත් වන බව වාර්තා වේ.
චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රාත්‍රී 6.55 ට මෙසේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
Please follow and like us:
