Foreign

පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වයට දුන් අල්ලස් මාට්ටු

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩාව බවට පත්ව ඇති පාපන්දු ක‍්‍රීඩාවේ ලෝක කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් අල්ලස් ලබා දුන් බවට හෙළි වී තිබේ. ඒ අනූව 2018 රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වයට මෙන්ම 2022 කටාර් හී පැවැත්වෙන ලෝක කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් මෙසේ අල්ලස් ලබාදී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර රජයේ නීතිඥවරුන් විසින් ගෙන එන ලද අධිචෝදනා පත‍්‍රයක් හරහා ලෝක පාපන්දු පාලනාධිකාරියේ දූෂණ වංචා පිළිබඳව කරන ලද සොයා බැලීමක දී මෙම අල්ලස් ලබාදීම් සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර පාපන්දු සම්මේලන විධායක කමිටුවේ නිලධාරීන් කිහිප දෙනෙකුටම රතු එළි දැල්වී තිබේ.

ලබන 2022 වසරේ කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගැනීමේදි බ‍්‍රසීල හිටපු පාපන්දු සභාපති රිකාඩෝ ටෙකිරා, දකුණු ඇමරිකාවේ පාපන්දු සභාපති නිකොලොස් ලියෝස් ඇතුළු පිරිසක් අදාළ සත්කාරකත්වය ලබාදීමේ දී ලබාදුන් ඡන්දය වෙනුවෙන් අල්ලස් ලබාගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව තවත් පාපන්දු විධායක කමිටු සාමාජිකයන් කිහිප දෙනෙකුටම චෝදනා එල්ල වේ.

මීට අමතරව අවසන් වු 2018 වසරේ රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය වෙනුවෙන් ඡන්දය ලබාදීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලන හිටපු උප සභාපති සහ උතුරු සහ මධ්‍යම ඇමෙරිකානු කැරිබියන් පාපන්දු සම්මේලන සභාපති ජැක් වර්නර් ඩොලර් මිලියන 5ක අල්ලසක් ලබා ඇතැයිද සඳහන් වේ.

අදාළ චෝදනාව එල්ලවන ඇතමුන් විසින් එම චෝදනා බාර ගනිද්දී රුසියානු සහ කටාර් රාජ්‍ය නිලධාරීන් පවසන්නේ එම සත්කාරකත්වය වෙනුවෙන් නීති වීරෝධි කිසිදු උපක‍්‍රමයක් භාවිතා නොකළ බවත් එල්ල වන චෝදනා අසත්‍ය බවත්ය. ඔවුන් ඒ වෙනුවෙන් ආරම්භ කරන ඕනෑම පරීක්ෂණයකට සහය පළ කිරීමටද කැමැත්ත පළ කර තිබේ.

කෙසේ නමුත් අදාළ චෝදනා ලද සහ චෝදනා ඔප්පුවී ඇති ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නිලධාරීන් හට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනමක් පැනවීමට මේ වන විට කටයුතු කර තිබේ. අදාළ නඩු විභාග තවමත් අවසන්ව නැති බැවින් ඒ නඩු විභාගවල ප‍්‍රතිඵලය අනූව වැරදිකරුවන්ට දඩුවම් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගන්නා බවද පවසයි.

මේ සම්බන්ධයෙන් නිව්යෝර්ක් නුවර පාපන්දු කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ විලියම් ස්වනි මහතා පවසන්නේ මෙවැනි අදහසක්. ‘‘ජාත්‍යන්තර පාපන්දු ක‍්‍රීඩාවේ දුෂණ සහ අල්ලස් සම්බන්ධයෙන් මීට දශක ගණනාවක් පුරා කටයුතු කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. චෝදනා ලැබු අය සහ කුමන්ත‍්‍රකරුවන් වසර ගණනාවක් පුරා අල්ලස් ලබා දෙමින් සහ අයුතු ලාභ ලබා ගනිමින් අපරාධ සහගත වංචාවල නිරත වෙලා පාපන්දු පරිපාලනය දුෂිත කරලා පාපන්දු ක‍්‍රීඩාවට ලොකු හානියක් සිදුකරලා තියෙන්නෙ.’’

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top