Health

අනිවාර්ය කළත් මුහුණු ආවරණවල හිඟයක්

අද (11) දිනයේ සිට මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් කරන විට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරිමට තීරණය කරන ලදී.

මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් ගන්නා ඕනෑම පුද්ගලයකු නැවත හරවා යවන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට හා පොලිස් ස්ථානවල ට ද දැනුම් දී තිබේ. එසේම, ඇඳිරි නීති බලපත්‍ර සහිත හෝ අවසර ලත් පුද්ගලයන් වුවද මේ අයුරින් මුහුුණු ආවරණ පැළඳ ගමන් කිරීම අනිවාර්ය වේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය යටතේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ ද ප්‍රදේශ කිහිපයක ප්‍රමිතිගත මුඛ ආවරණවල හිඟයක් ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ ප‍්‍රමිතිගත මුඛ ආවරණයක් නොමැති නම් අවම වශයෙන් තමන් විසින්ම සදා ගත් මුඛ ආවරණයක් හෝ මාර්ගවල ගමන් කිරීමේදී සෑම පුද්ගලයෙකුම පැළඳ සිටිය යුතු බවයි.

නමුත්, පැළැඳ සිටින මුහුණු ආවරණය ප්‍රමිතිගත නොවුනහොත් එම පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳීමට ඉඩකඩ ඇති බව මීට පෙර සඳහන් වූ අතර මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ වෛරසය පරිසරයේ තිබුණහොත් එය සාමාන්‍ය මුහුණු ආවරණයක් තුළින් ගමන් කිරිමට හැකි බවයි. නමුත් රෝගය ආසාදිත පුද්ගලයෙක්ගෙන් සාමාන්‍ය රෙදි වලින් යොදා සාදා ගන්නා මුහුණු ආවරණයකින් වුව ද වෛරසය පරිසරයට මුදාහැරීමට හැකියාවක් නොමැති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top