අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට අඛණ්ඩව පනවා ඇති ඇඳිරි නීතිය තවත් සති තුනක කාලයක් සඳහා පැනවීමට සිදු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ පුවත්පතට සඳහන් කර තිබේ.
ඔහු එහිදී,
දැනට මෙම ප‍්‍රදේශවලට අඛණ්ඩව පනවා ඇති ඇඳිරිනීතිය නිසා රෝගය වේගයෙන් පැතිරයාම වළක්වා ගත හැකි වූ බැවින් ඇඳිරිනීතිය පැනවීමේ කාලසීමාව අඩු කරගැනීමේ හැකියාව ඇත්තේ ජනතාව සතුව බවත් සඳහන් කර තිබේ.
එසේම, සියලූදෙනා වගකීමෙන් යුතුව කටයුතු කරමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් හැසිරුනහොත් රෝගය පැතිරයාම පාලනය කරගතහැකි බවත් එවිට ඇඳිරිනීතිය ඉතා ඉක්මනින් අවසන් කරගත හැකි බවත් එසේ නොවුනහොත්, රෝගය පැතිරයාම පාලනය සඳහා මෙලෙස ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සිදුවන බවත් නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
Please follow and like us:
