කළුතර දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත වූවන් 32ක් හඳුනාගෙන තිබේ. එයින්, එයින් 20 දෙනෙකුම සොයාගෙන ඇත්තේ බේරුවල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයෙන් බව වාර්තා වේ.
අද (12) දිනයේ හඳුනාගනු ලැබූ රෝගීන් සිව් දෙනා ද බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් සියළුදෙනා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් වේ.
දැනට ශ්‍රී ලංකාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වේ. ඒ කොරෝනා ආසාදිතයින් 45ක් වේ.
දැනට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 203ක් වන අතර සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 55ක් වේ.
Please follow and like us:
