Local

ජා – ඇල තවත් 32ක් නිරෝධායනයට

ජා-ඇල ප්‍රදේශයේ දී මීට සතියකට පෙර සොයා ගැනුණු කොරෝනා වෛරසය ආසාදිත රෝගියා සමඟ සමීප සම්බන්ධකම් පැවැත් වූ තවත් පුද්ගලයින් 32ක් නාවික හමුදා බුද්ධි අංශ විසින් අද (13) දිනයේදී සිය භාරයට ගෙන තිබේ.

මීට දින කිහිපකට පෙර අවස්ථා දෙකක දී කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සමීපව ඇසුරු කිරීම හේතුවෙන් නාවික හමුදාව විසින් ජා-ඇල සුදුවැල්ල සහ මාකේවිට ප්‍රදේශයේ පුද්ගලයින් 80 දෙනෙක් නිරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබුවා.

අද (12) දිනයේ දී නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබූ පුද්ගලයින් 32 දෙදෙනා ද ඔලුවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top