මැග්නිෆිකා නම් ඉතාලි නෞකාව පසුගිය 06 වන දා කොළඹ වරායේ නැංගුරම් ලෑවේ එම නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු ව මෙරටට ගෙන්වා ගැනීමටයි. ඒ සඳහා ඔහු විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත සමාජ මාධ්‍ය හරහා ඉල්ලීමක් ද කර තිබුනා.
එම නෞකාවේ හදවත් රෝගයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්යේ පසු වූ 75 හැවිරිදි රෝසමෙරිි මාග්‍රට් නම් වූ ජර්මානු කාන්තාව ද එදින ලංකාවට ගෙන්වා ගත්තේ ප්‍රතිකාර කිරිම උදෙසා ය.
ශ්‍රී ලංකාව අත්තර් ජාතික නීතියට සහ සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව වග කියන සොයා බැලීමේ සහ මුදවා ගැනීමේ කලාපය (SARR) තුළ අනතුරට හෝ හදිසි තත්ත්වයන්ට මුහුණ පාන නෞකාවන් සඳහා ආධාර කිරීමේ වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත.
කෙසේ නමුත්, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ගනිමින් සිටි ඇය මිය ගොස් ඇතැයි වාර්තා වේ.
Please follow and like us:
