ගත වූ පැය 24 තුළ දී පමණක් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1248 දෙනෙකු සොයා ගෙන ඇත. එසේම, ගත වූ පැය 24 තුළ දී කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
ඒ අනුව, මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,541 දෙනෙකු වාර්තා වී ඇත. කොරෝනා වෛරසය නිසා මේ වන විට ඉන්දියාවේ සිදු වී ඇති මරණ සංඛ්‍යාව 358ක් වේ. දැනට පුද්ගලයින් 1183 දෙනෙකු සුවය ලබා ඇත.
මීට අමතරව, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන මාසයේ 03 වනදා දක්වා ඉන්දියාව තවදුරටත් වසා දමන බව අද (14) පෙරවරුවේ ජාතිය අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවා.
Please follow and like us:
