Latest

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 233 ක් වෙයි

Update at 11.05 PM

අද දිනයේ දි මේ වන විට වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 15ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කර සිටියි. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 233 දක්වා වැඩි වී ඇත.

එසේම, මේ වන විට රෝගින් 61 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 165 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, තවත් පුද්ගලයින් 142 ක් සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටියි.

____________________________________________________________________________

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 219 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි. එමෙන්ම, දැනට රෝගීන් 59 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් රෝගීන් 153 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.

දැනට කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 07ක් වේ.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top