පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ වරදට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා අද (14) දින නියෝග කරනු ලැබුවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හෞතචිකිත්සවරයා යැයි හඳුන්වාගත් පුද්ගලයෙකු ඊයේ (13) පස්වරුවේ
පිළියන්දල සිට හිටපු මන්තී‍්‍රවරයාගේ මාදිවෙල පිහිටි නිවසට පැමිණිමට උත්සාහ කර තිබූ අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් ඔහුව පරීක්ෂා කර ඇත. රංජන් රාමනයක හිටපු මන්තී‍්‍රවරයාගේ භෞතචිකිත්සකවරයා යැයි පැවසෙන පුද්ගලයාට ඇඳිරි නීති බලපත‍්‍රයක් තිබී ඇති නමුත් එය පෙරේදා දිනයේ දී කල්ඉකුත්ව ඇති බවයි අනාවරණ වී ඇත.
එහිදි හෙළි වුණේ අදාළ පුද්ගලයා ඇදිරී නිිති කොන්දේසි උල්ලංඝණය කරමින් මාදිවෙල මන්තී‍්‍ර නිවාස සංකීර්ණය වෙත පැමිණ ඇති බවයි. ඒ පිළිබඳ පොලිස් නිලධාරීන් ඔහුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කරමින් සිටිය දී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනයක පැමිණ පොලිස් නිලධාරීන්ට බාධා කර තිබෙනවා.
ඉන්පසුව, එහිදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ අදාළ පුද්ගලයා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ අතර රන්ජන් රාමනායක මහතාව අද (14) පස්වරුවේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමෙන් අනතුරුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් මීගමුව, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන්, බන්ධනාගාර තුළට නොගෙන මීගමුව, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇති අතර එහිදී එම රැඳවියන් එහිදී නිරෝධායනයට යොමු කෙරෙන අතර අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ද එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක හමුවීමට භෞතචිකිත්සකවරයෙකු යැයි පවසමින් පැමිණි අදාළ පුද්ගලයා භෞතචිකිත්සකවරයෙකු නොවන බව රජයේ භෞතචිකිත්සක නිලධාරීවරුන්ගේ සංගමය පවසනවා. අදාළ පුද්ගලයාට භෞතචිකිත්සකවරයෙකු ලෙස කටයුතු කිරීමට කිසිඳු සුදුසුකමක් නොමැති බවයි එම සංගමයේ සභාපති ධම්මික පද්මසිරි මහතා මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.
