රජය මහවිලච්චියෙන් වට්ටක්කා කිලෝ හැත්තෑදහසක් මිලට ගනී
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වට්ටක්කා තොග මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම් .වන්නිනායක මහතා සඳහන් කරයි. මේ අනුව පසුගිය 11 , 12 යන දින දෙකේ දී හා අද (14) මහවිලච්චිය ප්‍රදේශයෙන් මිල දී ගෙන ඇති වට්ටක්කා ප්‍රමාණය කිලෝ ග්රෑම් හැත්තෑදහසක්.
ජනාධිපති කාර්යාලයේ දැනුම් දීම පරිදි මෙම වට්ටක්කා තොග ගොවීන්ගෙන් මිළ දී ගැනේ. ඒ අනුව, පළමු වටයේ දී එක් ගොවියකුගෙන් මිල දී ගන්නා වට්ටක්කා ප්‍රමාණය කිලෝ ග්රෑම් 4000කි.
මහවිලච්චිය ප්‍රදේශයෙන් දැනට මෙම වට්ටක්කා ප්‍රමාණය මිල දී ගෙන ඇති අතර මහ විලච්චිය ප්‍රදේශයේ ඇති වට්ටක්කා ප්‍රමාණය කිලෝ ග්රෑම් 270000 ක් පමණ වන බව එහි ප්‍රාදේශිය ලේකම් මංජරී සී.චන්ද්‍රදාස මහත්මිය පැවසුවා ය. අදියර කිහිපයකින් මෙම වට්ටක්කා මිල දී ගැනීමට නියමිතයි. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුව මැදිහත් මෙම මිල දී ගැනීම සිදුකෙරේ. දැනට මිල දී ගත් වට්ටක්කා තොග කාගීල්ස් ආයතනය , හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ස්ථාන වෙත ප්‍රවාහනය කරනු ලබයි. අනුරාධපුර මහ මෙව්නා අසපුවෙන් ද වට්ටක්කා කිලෝ 7000 ක් මිලදී ගත් අතර ඒවා කඩුවෙල මහමෙව්නා අසපුව වෙත ප්‍රවාහනය කිරිමට නියමිත ය. ව්‍යාපාරිකයින් විසින් ද වට්ටක්කා කිලෝ 21000 ක් මිල දී ගෙන තිබේ.
මීට අමතරව හෙට දිනයේ දී නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද වට්ටක්කා කිලෝ 25000 ක් මිල දී ගැනීමට නියමිතව තිබේ. මෙම කටයුුතු වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් සියලු විශාල පිරිසක් සිය පරිශ්‍රමය යොදවමින් සිටී.