ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන MV Menkar නෞකාවේ සේවය කල ඉන්දියානු ජාතික නාවිකයෙකු අසනීප තත්වයක් හේතුවෙන් ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
ජිබුටි (Djibouti) ජනරජයේ ලියාපදිංචි වෙළඳ නෞකාවක් වන MV Menkar නෞකාවේ රාජකාරි සිදු කරනු ලබන ඉන්දියානු ජාතික නාවිකයෙකු හට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කොළඹ වරායට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස නෞකාවේ දේශීය නියෝජිතායතනය විසින් ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ එම රෝගී නාවිකයාව ආරක්‍ෂිතව කොළඹ වරාය වෙත ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
මෙහිදී, එම නාවිකයා MV Teamclio නැමති නෞකාව මගින් කොළඹ වරායට මුහුදු සැතපුම් 12 ක‍් පමණ ආසන්නයට රැගෙන ඒමට අදාල දේශීය නියෝජිතායතනය විසින් කටයුතු කර තිබූ අතර, එම නෞකාව වෙත ළඟා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම රෝගී පුද්ගලයා සියලු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.
පසුව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවාව හරහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
