Latest

කොරෝනා වැළඳී ඇතැයි සැක සහිත යුද හමුදා සෙබෙලෙකු නිසා පොළොන්නරුව රෝහලේ කොටසක් වසා දමයි

පොළොන්නරුව මහ රෝහලෙන් කොරෝනා සැක සහිත රෝගියෙකු හමුවීමත් සමග ම එහි වාට්‍ටු අංක 10 හදිසියේ වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගත් බව පොලොන්නරුව මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙසේ හමු වූ සැක සහිත රෝගියා මීට දින 04 කට පමණ ඉහත දී රෝහලට ඇතුළත්ව ඇති අතර යුධ හමුදා සෙබලෙකු බවත් ඔහු වැලිකන්ද ,සේනපුර පුනරුත්ථාපන කදවුරේ රාජකාරි කළ අයෙකු බවත් දැනගන්නට ලැබී තිබේ.

මෙසේ හදුනාගත් රෝගියා පී.සී .ආර් පරික්ෂණය සිදු කළ බවත් පොලොන්නරුව මහ රෝහලේ වාට්‍ටු අංක 10 හි සේවය කළ වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩල හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

මෙසේ රෝගියෙකු හමු වීමත් සමඟ පොළොන්නරුව මහ රෝහලේ එම රෝගියා ප්‍රතිකාර ලබමින් සිටි වාට්‍ටුවේ එම රෝගියා හා අනෙකුත් රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයින් පිළිබදව ද දැඩි පරිශ්‍රමයක් දරා අනාවරණය කර ගැනීමට සිදුව ඇති බව ද පොළොන්නරුව දිස්ත්‍රික්කය මේ හේතුවෙන් අවදානමේ හෙලීම කණගා‍ටුදායක බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා පැවසුවේ,

“මේ රෝගියා වෙනත් අසනීපයකට තමයි පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් වුණේ.කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුවේ නෑ.සේනපුර පුනරුත්ථාපන කදවුරේ ගබඩා භාරකරු විදිහට සේවය කළ කෙනෙක්.දැනට පළමුවන පී.සී.ආර්.පරික්ෂණය පොසිටිව වෙලා තිබුණ නිසා අපි රෝහලේ 10 වාට්‍ටුව වසා දැමීමට කටයුතු කළා.වෛද්‍යවරුන් 06ක් හෙද හෙදියන් 16ක් හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනය කිරීමට කටයුතු කරනවා.ඊට අමතරව එම සෞඛ්‍ය කාර්ය මණ්ඩ ඇසුරු කරපු අය හා රෝගියා බැලීමට පැමිණි ඇසුරු කළ අය පිළිබදව පරික්ෂා කරනවා.අපි කමි‍ටු පත් කරලා තියෙනවා.ඒ කමි‍ටු විසින් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.මේ රෝගියා ත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලු දෙනාත් බලන්න ආව අයත් හැමෝම මුඛ ආවරණ පැළද සිටීම නිසා අපට තිබෙන අවදානම අඩුයි කොහොම වුණත් අපි මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්නේ.”

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top