Latest

කොරෝනා මර්දනයට පිහිටු වූ ග්‍රාම කමිටුවලින් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි

ගැටලු කීපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ග‍්‍රාම නිලධාරිවරුන් කොරෝනා මර්දනය සඳහා සහ ආධාර බෙදාදීම වෙනුවෙන් පිහිටුවා තිබෙන ග‍්‍රාම කමිටුවලින් හෙට (17) සිට ඉවත්වීමට තීරණය කර ඇතයි ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (16) පැවසීය.

ග‍්‍රාම නිලධාරිවරුන් අදාල වසම් තුල සතියේ සෑම දිනකම සියලූ වැඩ කරමින් කටයුතු කලද ග‍්‍රාම නිලධාරිවරුන් සඳහා ගමන් දීමනා වශයෙන් මාසිකව රුපියල් 600 ක මුදලක් ගෙවන නමුත් එම වසම් තුළම රාජකාරී කටයුතු සිදු කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් සදහා රුපියල් 2000 ක ගමන් දීමනාවක්ද , සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා රුපියල් 1000 දීමනාවක් ගෙවන බවත් මෙහිදී ග‍්‍රාම නිලධාරිවරුන්ට අඩු ගමන් දීමනාවක් ලබා දෙමින් ග‍්‍රාම නිලධාරිවරයාගේ රාජකාරිය හෑල්ලූ කර ඇතැයිද පැවසීය.

තවද මේ වන විට කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් සහ අසරණ වූ ජනතාව වෙනුවෙන් ආධාර බෙදා දීමේදී මූලික කටයුතු සියල්ල ග‍්‍රාම නිලධාරිවරුන් විසින් සිදු කළද අවසන් මෙහොතේ ආධාර බෙදා දීමේදී සියලූ කටයුතු සමෘද්ධි නිලධාරීන් හරහා සිදු කිරීම තුළින් ග‍්‍රාම නිලධාරීන්වරුන් තවදුරටත් හෑල්ලූ කර තිබෙන බවද මෙම සංගමය පවසයි.

මේ වන විට දිවයිනේ සියලූම ග‍්‍රාම නිලධාරීන් ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිළධාරීන්ගේ සංගමය , සමස්ත ලංකා නිදහස් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය සහ ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය යන ග‍්‍රාම නිලධාරි සංගම් තුනට අයත් වන අතර කිසිදු වෘත්තීය සමිති භේදයකින් තොරව මෙම සියලූම ග‍්‍රාම නිලධාරීන් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවද ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top