Latest

කොරෝනා වැළඳී ඇතැයි සැක පිට සිව්දෙනෙක් මහනුවර රෝහලට

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් බවට සැකපිට පුද්ගලයින් සිව්දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කොරෝනා මර්දන හා කළමණාකරණ කමිටුව සඳහන් කරයි.

මෙම රෝගින් අද (17 ) දිනයේ දි රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුහු මුරුතලාව, හෙම්මාතගම, මහයියාව සහ අකුරණ වැලිකැටියේ පදිංචිකරුවන් බවද වාර්තා වේ. වයස අවුරුදු අසූ තුන , විසිදෙක , හතලිස් එක සහ හතලිස් හය යන වයස්වල පසුවූ මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් සියලු පරික්ෂණ මේ වන විට පවත්වන බව ද එම කමිටුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කොවිඩ් – 19 හෙවත් කොරෝනා බවට තහවුරු වූ පළමු ව හදුනා ගත් රෝගීන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව පරික්ෂණ පවත්වන බවත් බුද්ධි තොරතුරු ඒකකය මගින් වෙනමම පරික්ෂණ පවත්වන බවත් , ඊට අයත් බවට සැකසහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් වහාම මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරිමට කටයුතු යොදා ඇති බවත් මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසයි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top