අද (03) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත කර සිටි රෝගීන් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට සුවය ලද සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 182ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට මෙරටින් වාර්තා වූ රෝගීන්ගේන 25%කට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇති අතර එය ලොව අනෙක් රටවලට සාපෙක්ෂව ඉතා හොඳ මට්ටමක් වේ.
මෑත දිනයන් හි දී සුවය ලද රෝගීන් ගණන අප්‍රේල් 26 වන දින රෝගීන් 02 ක්ද, අප්‍රේල් 27 වන දින 06 ක් ද, අප්‍රේල් 28 වන දින රෝගීන් 08 ක් ද, අප්‍රේල් 29 වන දින රෝගීන් 02 ක් ද, අප්‍රේල් 30 වන දින රෝගීන් 18 දෙනෙක් ද, මැය 01 වන දින 08 දෙනෙකු ද වශයෙන් වේ.
දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 705 ක් වන අතර එයින් 523 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Please follow and like us:
