කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 15 වන දා සිට දෙහිවල සත්වෝද්‍යානය වසා දැමීමට උද්භිද උද්‍යාන සහ වනජීවි දෙපාර්තුමේන්තුව විසින් තීරණය කරන ලදී. එබැවින් මේ දිනවල සත්වෝද්‍යානයෙන් ආදායමක් නොලැබුණ ද එහි සිටින සතුන් සඳහා දිනකට රුපියල් ලක්ෂ දෙකක් දෙකහමාරක් පමණ වැය වන බව වාර්තා වේ.
දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් 3000ක් පමණ සිටින අතර අත්‍යාවශ්‍ය සේවා යටතේ ඔවුන්ට ආහාර පාන ලබා දීම සඳහා පිරිසක් රැඳී සිටින බවත් වාර්තා වේ.
සති අන්තයේ හැර අනෙකුත් දිනයන් හිදි සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන පිරිසගෙන් දිනක ආදායම රුපියල් 50,000ක් පමණ වන බවත් මේ වන විට එම ආදායම ඇන හිට ඇති බැවින් රජය විසින් මෙම වියදම් දරන බවත් වාර්තා වේ.
Please follow and like us:
