Life

සෝමාලියාවට කොරෝනා ආධාර රැගෙන ගිය ගුවන් යානයක් අනතුරට පත්වේ

සෝමාලියාවේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් සඳහා ආධාර රැගෙන යමින් සිටි ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මොගිඩිෂු අගනුවරින් ගමන් ආරම්භ කර සුළු වේලාවකට පසුව යානය අනතුරට ලක්වී ඇති බවත් අනතුරින් යානයේ සිටි පුද්ගලයන් හය දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔවුන් සෝමාලි හා කෙන්යා ජාතිකයින් බව වාර්තා වෙයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සෝමාලියානු බලධාරීන් සඳහන් කර තිබේ.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top