කොරෝනා වෛරසය වැළඳුන රෝගීන් තිදෙනෙකු අද (05) දිනයේ දී සම්පූර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිට ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ගණන 197ක් දක්වා වැඩි වී තිබේ.
මේ වන විට කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ගනිමින් සිටින පුද්ගලයින් ගණන 549 ක් වන අතර තවත් 145 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගතව සිටියි.
අද(05) දිනයේ දී වාර්තා වූ රෝගීන් ගණන 4 ක් වන අතර දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 755ක් වේ.
Please follow and like us:
