කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ. එම හෙද නිලධාරිනිය ජාතික රෝහලේ ගෙවීම් වාට්ටුවේ සේවය කර ඇති අතර මේ වන විට ඇයව IDH රෝහලට මාරුකර යවා තිබෙනවා.
මේ අතර කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ. එම පුද්ගලයා ඇති වූ අසනීප තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති අතර සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු කර ගැනීමෙන් පසුව IDH රෝහල් වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම, මෙම රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක් ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර අද දහවල් IDH රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ කොරෝනා වෛරසය ආසාදනය වූ 52 හැවිරිදි කාන්තාව ජීවත් වූ බව කියන මෝදර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයේ ඇය ඇසුරු කළ සමීපතයින් අනාවරණය කර ගැනීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
