Editor's Pick

ඇමතිවරුන්ට වාහන ගෙන්වන කතාව ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

රජය විසින් ලක්ෂ 3000ක් වටිනා වාහන මිලදී ගැනීමේ පුවත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කැබිනට් ප්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ එම ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය හා ගොතන ලද කතාවක් බවයි. තවද, එවැනි කරුණක් ඇතුළත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෝ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී නොමැති බව ඔහු සඳහන් කරයි.

එසේම, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතර ඉන්ධන දීමනාවක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවට පැතිරී යන ප්‍රචාරය ද සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නිවේදනය මඟින් ඔහු දන්වා තිබේ.

එම අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top